මෙම සේවකයන් මෙරටට එවීමට අවශ්‍ය ගමන් ලියකියවිලි සම්පාදනය කිරීම හා අදාළ කුවේට් බලධාරීන්ගෙන් අනුමැතිය ලබාගැනීම තානාපති කාර්යාලය මගින් සිදුකර තිබේ. ඔවුන් ආපසු එවීමට අවශ්‍ය විධිමත් ක්‍රියා පටිපාටිය අවසන්වන තෙක් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක නිවස්නයන්හි ඔවුන්ට නවාතැන් පහසුකම් සළසා තිබේ.
ඔවුන්ගෙන් පිරිසක් තම කැමැත්ත මත වෙනත් ස්ථානවල ද නවාතැන් ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලක්ෂයක් පමණ කුවේට්හි සේවය කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් ගෘහ සේවිකාවන් බවයි, සංඛ්‍යා ලේඛනවලට අනූව අනාවරණය වන්නේ.