වල් ඌරු රංචුවක් මෝටර් රථයක් පෙරලයි

දෙසැ 28, 2019

    බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ මාර්ගය හරහා ගමන් කළ වල් ඌරු රංචුවක් බේරීමට ගිය මෝටර් රථයක් අද (28) අළුයම මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදුව තිබේ.

    අනතුරට පත්ව ඇත්තේ බදුල්ල වීරියපුර ප්‍රදේශයේ එකම පවුලක පිරිසක් ගමන් ගත් මෝටර් රථයකි.

    අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මෝටර් රථයට දැඩි අලාභහහානි සිදුව ඇත. අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් රථවාහන අංශය පරීක්ෂණ පවත්වනවා .

    Latest News