ඇල්ල දුම්රිය ස්ථානයේ නව ඉදිකිරීම් අවසන් කර නැහැ

දෙසැ 28, 2019

    ඇල්ල දුම්රිය ස්ථානයේ නව ඉදිකිරීම් නිසි පරිදි අවසන් කර නැති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    ඒ සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන පවා යොද නොගෙන ආපසු හරවා යවා ඇතැයි වාර්තාවේ. දුම්රිය ස්ථානයේ වේදිකා පුළුල් කිරීමට කැපූ පස් බැමිවල නායයාමේ අවධානමක් ද මතුව ඇති අතර විදුලිය අනාරක්ෂිත ලෙස සපයා තිබෙනු දැකිය හැකි බව වැඩිදුරටත් වාර්තා වේ.

    උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරතම දුම්රිය ස්ථානයක් ලෙස යටතේ විජිත සමයේ දී ඇල්ල දුම්රිය ස්ථානය ඉදිකරන ලදී. දිවයිනේ සංචාරක ගමනාන්තරයක් වන ඇල්ලට දුම්රිය මාර්ගයේ සිරි නරඹින් දහස් ගණනින් දෙස්-විදෙස් සංචාරකයෝ පැමිණෙති.

     

    Ella-06.jpg

    එහි නවීකරන කටයුතු හා සංවර්ධන කටයුතු නිසි ලෙස ඉටුනොකර අතරම මග නතර කර දමා තිබේ.
    අලුතින් මගී විවේකාගාරයක්, සනීපාරක්ෂක වැසිකිලි පද්ධතියක් හා ගමන්මලු ආර්කෂා සහිතව තබායාමේ අල්මාරි පද්ධතිය මේ දක්වා විවෘත නොකර වසාදමා තිබේ. මේ තත්වය නිසා දෙස්-විදෙස් සංචාරකයන් ලැබිය යුතු පහසුකම් ලබාදීමට දුම්රිය බලධාරින් අසමත්ව සිටිති.

    Ella-02.jpg

    දෙවැනි වේදිකාවේ ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරව බව අනාවරණය වී තිබේ. බාගෙට කපා දමා වැඩ නතර කළ පස් බැම්ම නායගොස් කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇතත් ආරක්ෂිත පැතිබැම්මක් ඉදිකර නැත. ප්‍රමිතියකින් තොරව ඉදිකළ දෙවන වේදිකාව ගිලාබැසීමේ අවධානමකට ද ලක්ව ඇත. දෙවැනි වේදකාවට විදුලිය සපයා ඇත්තේ ද අනාරක්ෂිත ආකාරයකටයි. මෙහි විදුලි බුබුලුවල ආවරණ ලෙස යොදාගෙන ඇත්තේ හිස් ප්ලාස්ටික් වතුර බෝතලය.

    Ella-05.jpg

    Ella-01.jpg

    සමස්ථ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 300 ක් සංචාරක අමාත්‍යාංශය විසින් වෙන් කර දී තිබුනද රුපියල් ලක්ෂ 150 ක පමණ වැඩ නිමකර ඉතිරි මුදල දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නැවත සංචාරක අමාත්‍යාංශය යවා ඇතැයි ඇල්ල වෙළෙඳ සංගමය‍ සහ ජනතාව චෝදනා කරයි.

    Ella-03.jpg

     

     

     

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 14:14

    Latest News