බෙන්තර ගඟේ අතුරුදන්වූ ජීවිතයක් හමුවෙයි

දෙසැ 30, 2019

    කරවන්තුඩුව, ආඳවල පන්සල අසළ බෙන්තර ඟගේ අතු ඟංගාවක දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර නාවික හමුදාව විසින් සොයා ගැනිණ.

    කෙකටිය කැඩීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව වැලිපැන්න, පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගියදා (28) මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

    මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 49ක් වන අයෙක් බව හඳුනාගෙන තිබේ. මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ වැලිපැන්න පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 07:23

    Latest News