ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, යහපාලන රජය සමයේ සිදුකළ මිලදී ගැනීම්වල දී ඇස්තමේන්තු මුදලට වඩා වියදම්කර ඇතැයි, කෝප් කමිටුවේදී හෙළිදරව් වී තිබේ.

අලුත්වැඩියා කළ බස් රථ 10ක්, අද ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට එක් කෙරිණ. වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 250ක්.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ප්‍රවාහණ සේවාවන් සීමාවන් සහිතව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි හෙට සිට (20) අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සඳහා අවසර ලබා දීමට තීරණය කළ බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.

වසර පහක් පුරා සේවාවන් නතර කර තිබූ ඇඹිලිපිටිය, දඹරැල්ල හරහා හරහා මිද්දෙනිය මාර්ගයේ ලංගම බස් රථය අද සිට යළි ධාවනය ආරම්භ කර කෙරිණ. ඒ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීමෙන් සුබ මොහොතින්.

ලංගම බස් රථවල “ඉන්ධන ගිලීම” නැවැත්වීමට ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීම ජනවාරි මාසයේ සිට ආරම්භ කර තිබේ.

නත්තල් හා නව වසර උදාව නිමිති කොට පැවැත්වෙන උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේ (24) ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිටකොටුව ලංගම බස් රථ නැවතුම් පොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 1,400ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

උතුරු පළාතේ ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ විශේෂ බස් සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.

Latest News