1. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ? කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල අද (04) සිට මැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා. මේ දිස්ත්‍රික්කවල මැයි 06 බදාදා, රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා බල පවත්වයි.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ වර්ග මිලදී ගැනීමට අද දින නිවසින් බැහැරව හා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස 01 හෝ 02 ඇති පුද්ගලයින්ට පමණයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි.

ඇදිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටින පුද්ගලයින් නැවත ගම් බිම් කරා පිටත් කර යැවීම අද සිට සිදු කෙරේ.

ඇඳිරිනීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 43,459ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5.00ට ඉවත් කෙරිණි.

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27), සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.

දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය නිවේදනය කරයි.

අද(25) සහ හෙට(26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ඔන්ලයින් ක්‍රමය යටතේ ජංගම වෙළඳාම් කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

Latest News