update - හෙට (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන්දියාවේ පූනෙයි නගරය තුළ ඊයේ සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, අද මහාරාෂ්ඨ ප්‍රාන්තය පුරාවට ද ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පියවර ගත්තේය.

කොටහේන, ආදුරුප්පුවීථිය සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශය සහ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේවත්ත හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

බේරුවල, මග්ගොන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක් සඳහා සංචරන සීමා පැනවීමට තීරණය කර තිබේ .

හුදෙකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් පැනවීම යාවත්කාලීන කරනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

කොවිඩ් -19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ඇත.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙක් ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාතෙන් පිටවීම සඳහා පනවා තිබූ තහනම හෙට මධ්‍යඹ රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

කොරෝනා ‍වසංත ව්‍යාප්තියත් සමග සංචරණ සීමා පැනවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීම තවදුරටත් ක්‍රියාත්මකයි.

Latest News