ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වුවද, එම පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයේ සහයෝගය ලබා දෙන්නේ කුමන පාර්ශවයටද යන්න නිල වශයෙන් හෙට ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ පෙත්සමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලයිස්තු මන්ත්‍රීන් ගැන ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට නියමිත බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට දින 07 තුළ කරුණු දක්වන ලෙසි ලිපි යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කිසිදු අයෙකුට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට යළි තරග කිරීමට කැමතිවන්නේ නම් ඊට ශක්තිය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් යැයි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාටත්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයා පැමිණීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

Latest News