ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
නව වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කළා.
පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රාජකාරි ආරම්භ කළහ. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ඔහු තම කාර්‍යාලයේදී ලිපිවලට අත්සන් තබමින් රාජකාරී ඇරඹීය.
ඉන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්‍යාලයට ගිය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය විසින් පිළීගැනීමෙන් පසු, ඔහු ද ලිපි වලට අත්සන් තබා රාජකාරී ඇරඹීය.
මේ අවස්ථාවන්ට රජයේ මැති ඇමතිවරු, මන්ත්‍රීවරු,රාජ්‍ය නිලධාරිහූ හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දිවංගත හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.