අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් මියගොස් තිබේ.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට බලයක් තිබේ දැයි ලබන 07 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නිවේදනය කර ඇත.

වගාවේ ආරක්ෂාව සඳහා විදුලි බල්බයක් දැල්වීම සඳහා සවිකර තිබූ වයර්යක් සපා කෑමෙන් විදුලි සැර වැදී සීගිරිය මහසෙන්ගම වන අලියෙකු මියගොස් තිබේ.

වනාතවිල්ළුව - රාල්මඩුව ප්‍රදේශයේ සැරි සැරූ වන අලියකු වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

පොලොන්නරුව, වැලිකන්දේ ඉසෙඩ් - ඩී ඇළට වැටුන වන අලියෙකු වනජිවි නිළධාරින් විසින් ඉන් ගොඩගෙන ඒ ආසන්නයේ පිහිටි රක්ෂිතයකට යොමුකර තිබේ.

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව, හිරිවඩුන්න,අවුඩන්ගාව,දිගම්පතහ ආදී ප්‍රදේශවල දිනපතා සැරිසරන තනි අලියෙකු නිසා ජනතාව  දිවා රාත්‍රී දැඩි භීතියට පත්ව සිටී.

ගලේවෙල - දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් සමත් විය. 

සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වන අලියෙකු විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබේ.

Latest News