හමාස් සංවිධානය පැහැරගෙන ගිය ප්‍රාණ ඇපකරුවන්ගෙන් තවත් සිව් දෙනෙකු ඝාතනය කර ඇතැයි, ඊශ්‍රායලය පවසනවා.
සති තුනක කාලයකට පසු පළමු වරට උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම සඳහා නව ගොබිම් මාර්ගයක් යොදාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
උතුරු දිග ගාසා තීරයේ දරුවන් සාගින්නෙන් මිය යන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගාසා තීරයේ වර්ණභේදවාදය හෙළා දකින බවටත්, වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවටත් ජර්මනියේ බර්ලින් නුවර පසුගියදා පැවැති බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදි ප්‍රකාශ කළ ඊශ්‍රායල චිත්‍රපට අධ්යක්ෂ යූවාල් ඒබ්රහම්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
බර්ලින් චිත්‍රපට උලෙළේදී පලස්තීන චිත්‍රපට අධ්යක්ෂ බාසෙල් ඇඩ්රා සමඟ එක්ව ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ ‘No Other Land‘ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. එම චිත්‍රපටය ඊශ්‍රායල බලධාරින් අත්පත් කරගත් පලස්තීන භූමියේ ජනතාව සහ නිවාස ඉවත් කිරීම පාදක කරමින් නිර්මාණය වී ඇති අතර, සම්මාන ලැබීමෙන් පසු ඔහු විසින් එම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් බර්ලිනයේ සිට නැවත ඊශ්‍රායලය බලා යෑමට ගත් ගුවන් ප්‍රවේශපත්‍රය අවලංගු කළ බවත්, එම ප්‍රකාශයෙන් පසු ආයුධ සන්නද්ධ මැර පිරිසක් ඔහු සොයා ඊශ්‍රායලයේ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඇති බවත් යූවාල් ඒබ්‍රහම් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට ආහාර බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව නතර කර තිබෙනවා.