ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60, 000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා.
රාජ්‍ය බුද්ධි සේවය විශේෂ වාර්තාවක් ජනපතිට ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
දිවයින පුරා ඇති ඡන්ද පොළවල් 12,856 ක් සඳහා එක් ඡන්ද පොළකට නිළධාරීන් දෙදෙනකු බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතයි. එම යෙදවෙන නිළධාරින් දෙදෙනා බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිළධාරීන් දෙදෙනෙක් වශයෙන් ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා කාන්තා නිළධාරිනියක් සහ පිරිමි නිළධාරියෙක් ද වශයෙන් රාජකාරියේ යෙදවේ. ඒ අනුව, 12,856 ක ඡන්ද පොළවල් සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 25,712 කි.
දංකොටුව කටුකෙන්ද මංසන්ධියේ මාර්ග බාධක රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව දෙසට ධාවනයවූ ලොරි රථයක් නැවැත්වීමට සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
තරුණියකට අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනිම මගහැරිමේ චෝදනා මත නිළධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (05) යන දිනයන් වෙන් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඇතුළු පොලිස් අධිකාරීවරුන් එකසිය දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිළයට උසස් කර තිබේ.
මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්තානයට තොරතුරක් ලැබි ඇත.
ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට වැටුපට අමතරව රජයෙන් මාසිකව දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
කිලිනොච්චිය,අරවියල් ප්‍රදේශයේ දී සැක සහිත ජීප් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ දී ජිප් රථය නොනවත්වා ධාවනය කිරීමෙන් ජීප් රථයට සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි පුද්ගලයෙක්ට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.