ක්රස්ට්චර්ච්හිදී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනූව, නවසීලන්ත කණ්ඩායමට සියළුදෙනාම දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි. සුරංග ලක්මාල් 54/5, ලහිරු කුමාර 49/3යි.
නවසීලන්ත කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් හා මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වූයේය. ඒ අනූව, ටිම්සවුති, වොට්ලින් සමග එක්ව ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනන්වනු ලැබිණ. ඒ අනූව, ටිම්සවුති ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත්විය. වොට්ලින් නොදැවී ලකුණු 46ක් රැස්කර ගත්තේය. අනතුරුව, ප්රථම ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්රිලංකා කණ්ඩායමේ ද මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක විය. ඒ අනූව,සිව් වැනි කඩුල්ල සඳහා පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් ද, රොෂේන් චානක ලකුණු 15ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටී. ටිම්සවුති කඩුලු 3යි. හෙට තරගයේ දෙවැනි දිනයයි.