98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ - සමස්ත ශූරතාව යුද හමුදාවට

දෙසැ 30, 2020

    98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

    මෙය පැවැත්වුණේ,කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. දින 4ක් පුරා පැවති තරගාවලිය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධාන කර තිබිණ.

    තරග සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් ක්‍රීඩාංගනයට ඇතුළු වීමේ අවසර ලබාදුන් අතර, පැවති සමස්ත තරග සංඛ්‍යාව 38ක්. ඉන් තරග 31ක ජයග්‍රහණය හිමිකර ගත්තේ,ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්.

    තවත් තරග 5ක ජය ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමි කර ගත් අතර තරග දෙකක ජය නාවික හමුදාවට හිමි විය.

    මෙවර ශූරතාවලියේ දී නව ජාතික වාර්තාවක් හා නව තරගාවලි වාර්තාවක් පිහිටවනු ලැබීය. මෙම තරගාවලිය ඉදිරියේදී පවත්වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි කිහිපයක තේරීම් තරගාවලියක් ලෙසයි,සැලකෙන්නේ.

    මෙය සංවිධාන කළේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින්.

    Latest News