CPL තරගාවලිය අද ඇරඹේ

අගෝ 26, 2021

    බටහිර ඉන්දිය කොදෙව් දූපතේ පැවැත්වෙන ප්‍රමුඛතම 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (Caribbean Premier League) හෙවත් CPL තරගාවලියේ 9 වැනි අදියර අද (26) ආරම්භ වෙයි. 

    තරගාවලිය අද සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන අතර, සියලු තරග ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්හි Warner Park ක්‍රීඩාංණයේ දී පැවැත්වෙයි.

    මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහභාගී වන අතර ඒ, හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන තිසර පෙරේරා සහ ඉසුරු උදානයි.

    තිසර පෙරෙරා බාබර්ඩෝස් රෝයල්ස් (Barbados Royals) කණ්ඩායමත්, ඉසුරු උදාන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් (Knight Riders) කණ්ඩායමත් නියෝජනය කරයි.

    Latest News