මුතුමාලි ප්‍රියදර්ශනී, ආසියාවේ දක්‍ෂතම මේස පන්දු ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට....

ඔක් 08, 2021

    ආසියාවේ දක්‍ෂතම මේස පන්දු ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට පැමිණිමට මුතුමාලි ප්‍රියදර්ශනී සමත්ව තිබෙනවා.

    ඒ ආසියානු මේස පන්දු තරගාවලියේ දී දැක්වූ දක්‍ෂතා හේතුවෙන්. එවැනි ඉහළ ශ්‍රේණිගත කිරීමකට පැමිණි මෙරට පළමු මේසපන්දු ක්‍රීඩිකාව ද ඇයයි. ආසියානු මේස පන්දු තරගාවලිය දෝහා කටාර්වලදී පැවැත්වුණා. ඒ, ආසියාවේ ප්‍රබල ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන්. තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි වුණා.

    පිරිමි කණ්ඩායමට 18 වන ස්ථානය හිමිවූ අතර කාන්තා කණ්ඩායම 12 වැනි ස්ථානය හිමිකර ගත්තා. කාන්තා කණ්ඩායම නියෝජනය කළ මුතුමාලි ප්‍රියදර්ශනී කේවල තරගයේදී දැක්වූ දක්‍ෂතා නිසා ආසියාවේ පළමු 16 දෙනා අතරට එක්වුණා.

    මේ අතර ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපති කනක හේරත් මහතාට දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ සභාපතීත්වය ද හිමිව තිබෙනවා.

    Latest News