ඒ ඊයේ පැවති තරගය කඩුලු 5 කින් ජයගැනීමත් සමග. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වූයේ, එළඹෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසයි. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඕමානය පන්දුවාර 20 ඇතුලතදී කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 159 ක්. ඉණිමේ වැඩිම ලකුණු ලාභිය වූ අකීබ් ඉල්ලියාස් පන්දු 38 කදී ලකුණු 59 ක් රැස්කළා. පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවාගත්තා. තරගය ජයගැනීමට ලකුණු 160 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවීගියේ ලකුණු 89 කට.
අනතුරුව භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ශ්‍රී ලංකාව පන්දුවාර 17 යි, පන්දු 3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබාගත්තා. භානුක රාජපක්ෂ පන්දු 21 කදී ලකුණු 35 ක් සහ චාමික කරුණාරත්න පන්දු 26 කදී ලකුණු 35 ක් රැස්කළා.