කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්. කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙකු අද දිවයිනට පැමිණියා.
ඔවුන් විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී උණුසුම් ලෙස පිළිගැනුණා. සෙසු ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාවේ රැඳී සිටින්නේ, එක්දින සහ 20-20 තරගාවලියට සහභාගිවීම සඳහායි.