තරගාවලිය පැවැත්වුණේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී. තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් ලෙස කාගෙත් අවාධානය දිනාගැනීමට සමත්වූ ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දුනිත් වෙල්ලාලගේ විසින්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ ද ඔහුයි.
මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායමට තම නම ඇතුළත් කරගැනීමට ද දුනිත් වෙල්ලාලගේ සමත්වුණා. ඉන්දීය කණ්ඩායම යොවුන් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් අතර, ශ්රී ලංකා කණ්ඩායමට හිමිවූයේ 06 වැනි ස්ථානයයි.