තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4 ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 192 ක්. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ හර්ඩික් පාණ්ඩයා පන්දු 52 කදී ලකුණු 87 ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්.
ජයග්‍රාහී ලකුණු 193 ක් ලබාගැනීමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 155 ක් පමණයි.
වැඩිම ලකුණුලාභියා වූ ජොස් බට්ලර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හර්ඩික් පාණ්ඩයාට තරගයේ වීරයා සම්මානය හිමි විය.