එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වර්තාවක්....

ජූනි 18, 2022

    එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉණිමක් තුළ කණ්ඩායමක් රුස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වර්තාව යලි අළුත් කිරීමට එංගලන්තය සමත්වුණා.

    ඒ නෙදර්ලන්තයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ලකුණු 498 ක් ලබාගනිමින්. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉණිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ වාර්තාවට මෙතෙක් හිමිකම් කීවේ ද එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් ඔස්ට්‍රෙිලියාවට එරෙහිව ලකුණු 481ක් ලබා තිබුණා. එංගලන්තය සහ නෙදර්ලන්තය අතර පළමු එක්දින තරගය ඊයේ (17) පැවැත්වුණේ, නෙදර්ලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 498ක් රැස්කළා.

    වැඩිම ලකුණු ලාභියා වූ ජොෂ් බට්ලර් පන්දු 70කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 162ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 07ක් සහ හයේ පහර 14ක් ඇතුළත්. ඩේවිඩ් මාලන් ලකුණු 125ක් රැස්කළ අතර, පිල් සෝල්ට් ලකුණු 122යි. ලියම් ලිවින්ස්ටන් පන්දු 22කදී නොදැවී ලකුණු 66ක් රැස්කළේ. හයේ පහර 06ක් සහ හතරෙත් පහර 06 ක් සමගින්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49යි, පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රුස්කළේ, ලකුණු 266ක් පමණයි. තරගයෙන් එංගලන්තය ජයගත්තේ ලකුණු 232 කින්.

    Latest News