ලියොනෙල් මෙසීගේ අවසන් තරගය අද

නොවැ 22, 2022

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, තවත් තරග 4 ක් අද පැවැත්වෙනවා. “සී” කාණ්ඩයේ ආර්ජන්ටිනාව සහ සෞදි අරාබිය අතර තරගය පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට.

    ප්‍රබල ක්‍රීඩක ලියොනෙල් මෙසී, මෙහිදී ආර්ජන්ටිනාව නියෝජනය කරනවා. මෙසී සහභාගීවන අවසන් ලෝක කුසලාන තරගාවලිය ද මෙයයි. “ඩී” කාණ්ඩයේ ඩෙන්මර්කය සහ ටියුනීසියාව අතර තරගය ද අද පැවැත්වීමට නියමිතයි. ඒ, රාත්‍රී 6.30 ට.

    මෙක්සිකෝව සහ පෝලන්තය අතර තරගය රාත්‍රී 9.30 ට ආරම්භ වනවා.

    තරගය පැවැත්වෙන්නේ, “සී” කාණ්ඩයනේ. අද පැවැත්වෙන අවසන් තරගයට සහභාගී වන්නේ, ‍2018 වසරේ ලෝක පාපන්දු කිරුළ දිනූ ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

    Latest News