ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

මාර් 25, 2023

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී දැන් පැවැත්වෙනවා.

    තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 274ක් රැස් කර ගත්තා.  පිත්තෙන් දස්කම් පෑ ෆින් ඇලන් ලකුණු 51 ද, ඩැරිල් මිචෙල් ලකුණු 47ක් ද, ග්ලේන් පිලිප්ස් ලකුණු 39ක් ද රැස් කරගත්තා.  නවසීලන්තය වෙනුවෙන් අද එක්දින වරම් දිනා ගත් රචින් රවින්ද්‍ර නොදැවී ලකුණු 49ක් රැස් කර ගත්තා.

    දක්ෂ පන්දු යැවීමක නිරත වූ චාම්ක කරුණාරත්න ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත්තා. මීට අමතරව කසුන් රාජිත සහ ලහිරු කුමාර අතර කඩුලු දෙක බැගින් බෙදීගියා.  

    Latest News