අවාසනාවන්ත පුහුණුව

මාර් 23, 2023

    දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් ලොකී ෆර්ගසන් ශ්‍රී ලංකාවට එරෙහිව සෙනසුරාදා පැවැත්වෙන එක්දින තරගයෙන් ඉවත් කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ.

    ඕක්ලන්ඩ් හි අද පැවැත්වුනු පුහුණුවීම්වලදී ෆර්ගසන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය වූ අතර එමඟින් ඔහු ක්‍රීඩා කිරීමට නුසුදුසු බව තහවුරු විය.

    හෙට උදෑසන ආදේශක ක්‍රීඩකයා කවුරුද යන්න තහවුරු කරනු ඇත.

    Latest News