කැංගරුවෝ ශූරයෝ

ජූනි 11, 2023

    එංගලන්තයේ ඕවල් පිටියේ පැවැත්වුනු ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ලකුණු 209 කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

    පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 469ක් ලබා ගත්තා. ඉන්දියාවට සිය පළමු ඉනි‍ම සඳහා සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි.

    ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 173ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණූ 270ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට අවසන් ඉනිමේ ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් සපයමින්.

    ඒ අනුව සිව් වන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 234ක් පමණයි.

    කැංගරු පළමු ඉනිමේ ලකුණු 76 කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ ට්‍රැවීස් හෙඩ් (163) සහ ස්ටීවන් ස්මිත් (121) ශතක වාර්තා කරමින් සිව් වන කඩුල්ලට ලකුණු 285ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. එය ඔසී ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය වූවා.

    ඉන්දියාව වෙන්වෙන් පළමු ඉනිමේ අජින්ක්‍යා රහනේ ලකුණු 89ක් රැස් කළා. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම ඉන්දීය පරාජයට හේතු වුනා.

    තරගයේ වීරයා ට්‍රැවීස් හෙඩ්.

    Latest News