සටනට පළමු පුහුණුව

ජූනි 13, 2023

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග ආරම්භයට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වනවා.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන පුහුණු තරගය සිම්බාබ්වේහි බුලවායෝ හිදී අද පැවැත්වීමට නියමිතයි.

    නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පුහුණු තරගයක් හරාරේ හිදී පැවැත්වීමට නියමිත අතර අයර්ලන්තය සහ අමෙරිකාව අතර තවත් පුහුණු තරගයක් බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුමුණු තරගය අමෙරිකානු කණ්ඩායම සමඟ ලබන 15 වනදා පැවැත්නීමට නියමිතයි.

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටය ලබන 18 වනදා ආරම්භ වනවා.

    එම තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

    Latest News