චමරිගෙන් ශතකයක්, ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ජූනි 27, 2023

    සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග ගාලු පිටියේ පැවති පළමු එක්දින තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක විශිෂ්ඨ ජයක් හිමි වුනා.

    වර්ෂාව හේතුවෙන් පන්දු වාර 28 කට සීමා වූ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 170ක්ලබා ගත්තා. එමිලි කේර් ලකුණු 40ක් සහ මැඩී ග්‍රීන් ලකුණු 38ක් ලබා ගත්තා.

    සුගන්ධිකා කුමාරි, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

    ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න අතර පළමු කඩුල්ලට ගොඩනැගුනු සම්බන්ධතාවය ලකුණු 159ක්.

    හයේ පහර 5ක් හතරේ පහර 10ක් සමග පන්දු 83 කදී ලකුණු 108ක් ලබා ගත් චමරි අතපත්තුගේ නොදැවුනු ඉනිම ශ්‍රී ලංකා ජය තහවුරු කළා. එය චමරි වාර්තා කළ 6 වන ශතකයයි.විශ්මි ගුණරත්න ලකුණු 50යි.

    ඒ අනුව පන්දුවාර 27ක දී ලකුණු 172ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළා.

    දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මීළඟ තරගය ලබන 30 වනදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

    Latest News