ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට

ජූනි 27, 2023

    අයි සී සී ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය ස්කොට්ලන්තය සමග බුලවායෝ හි ක්වීන් ස්පෝර්ට්ස් ක්ලබ් හිදී අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණූ 82ක ජයක් හිමි කර දෙමින්.

    කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 49.3 කදී ලකුණූ 245කට සීමා වුනා. පැතුම් නිස්සංක ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 63ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූවා.

    ක්‍රිස් ග්‍රෙවිස් කඩුලු 4ක් මාක් වට් කඩුලු 3ක් ක්‍රිස් සෝල් කඩුලු 2ක් සහ ඇලස්ඩෙයා එවන්ස් එක් කඩුල්ලක් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දු වාර 29 කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රිස් ග්‍රෙවිස් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තා.

    ස්කොට්ලන්ත පිතිකරුවන් අසරණ කළ මහීෂ් තීක්ෂණ සිය පන්දු වාර 10 අවසන් කළේ ලකුණු 41 කට කඩුලු 3ක් දවා ගනිමින්. වනිදු හසරංග කඩුලු 2ක් සහ දසුන් ශානක, කසුන් රාජිත, ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

    Latest News