ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ජූනි 30, 2023

    ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ තරගයේදී ප්‍රථම තරඟයෙන් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    නෙදර්ලන්තයට එරෙහිව එම තරගය අද පැවැත්වුණේ, සිම්බාබ්වේහි බුලවායෝ හිදී.   කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී ගියේ තරගයේ ප්‍රථම පන්දුවේදී. නෙදර්ලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් පළමු කඩුලු 04 ලකුණු 34ක් තුළ දවාගැනීමට සමත් වුණා.

    දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 33කටයි. 8වන කඩුල්ල සඳහා ධනංජය ද සිල්වා සමගින් මහීෂ් තීක්ෂණ ලකුණු 77ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ස්ථාවරයක් ඇති කළා. මහීෂ් තීක්ෂණ දැවී ගියේ ලකුණු 28ක් ලබා සිටියදී. 9වන කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී ගියා. ඔහු අද දිනයේ ලකුණු 93ක් රැස් කළ අතර, එය ධනංජය එක්දින තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා. පන්දු යැවීමේදී ලෝන්ග් වෑන් බීක් සහ බේස් ඩි ලීඩි කඩුලු 3 බැගින් දවා ගත්තා.

    ඒ අනුව, නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 214ක ඉලක්කයක් හිමිවුණා. නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 02 අඩු ලකුණු සංඛ්යාකවකට දැවී ගියත් මැද පෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා. නෙදර්ලන්තය වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ස්කොට් එඩ්වඩ් නොදැවී ලකුණු 67ක් රැස් කළා.  පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 03ක් දවා ගත්තා.

    Last modified on සිකුරාදා, 30 ජූනි 2023 20:25

    Latest News