පළමු තරගයේ ජය නවසීලන්තයට

ජූලි 08, 2023

    සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පී සරා ඕවල් පිටියේ අද පැවති පළමු පන්දුවාර 20 තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.

    කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 9ක් දැවී ලකුණු 106 ක් රැස් කළා.

    විශ්මි ගුණරත්න ලකුණු 26යි. ඊඩ්න් කර්සන්, ලී කැස්පෙරෙක්, මෙලී කර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දු වාර 18.5 කදී කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගත්තා.

    සුසී බෙට්ස් ලකුණු 44ක් ඇමීලියා කර් ලකුණු 34ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියා. පන්දුවෙන් දස්කම් දැක්වූ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් දවා ගත්තා.

    දෙරට අතර පැවැත්වෙන දෙවන T20 තරගය එළඹෙන 10 වැනිදා පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

    Latest News