සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

මැයි 21, 2024
    එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට පැරා මලල ක්රීවඩක සමිත දුලාන් අද සමත් වුණා.
    ඔහු පැරා ලෝක ශූරතා මලල ක්රීලඩා තරගාවලියේදී, රිදී පදක්කමක් හිමි කර ගැනීම ද විශේෂත්වයක්.
    ලෝක ශූරතා පැරා මලල ක්රීවඩා තරගාවලිය ජපානයේ කොබේ නුවරදී පැවැත්වෙනවා. සමිත දුලාන් අද සහභාගී වුණේ, එෆ් 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට. එහිදී, තම පළමු උත්සහයේදීම, මීටර 66 යි දශම 4 යි 9 ක දක්ෂතාවක් දැක් වූ සමිත දුලාන්, තමා නියෝජනය කරන එෆ් 44 කාණ්ඩයේ ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවා.
    අද තරගයේදී, සමිතට රිදී පදක්කම හිමි වුණේ ද එම දක්ෂතාවයටයි. එම ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම් ද්විත්වයම ඉන්දියාවට හිමි වුණා.
    Last modified on බදාදා, 22 මැයි 2024 09:29

    Latest News