20-20 ලෝක කුසලානය හෙටින් ඇරඹෙයි

මැයි 31, 2024

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වනවා.

    මෙවර තරගයේ සම සත්කාරකත්වය දරන්නේ, බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයයි.

    මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ, 9 වැනි වරටයි. සත්කාරකත්වය දරන අමෙරිකාවත්, තරග වදින උගන්ඩාව සහ කැනඩාවත් 20-20 ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. 

    20-20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් තරගවදින තරගාවලිය මෙයයි.

    ඊට රටවල් 20 ක් ඇතුළත්. පළමු තරගය අමෙරිකාවේ වේලාවෙන් හෙට රාත්‍රී 8.30 ට ආරම්භ වන අතර, එය මෙරට වේලාවෙන් ජුනි 02 වැනිදා පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිතයි.

    මෙලෙස ආරම්භ වන තරගාවලිය සඳහා තරග 55 ක් ඇතුළත්. එය ක්‍රීඩාංගණ 9 ක පැවැත්වෙනවා. ඒ, කොදෙව් ක්‍රීඩාංගණ 6 ක සහ අමෙරිකාවේ ක්‍රීඩාංගණ තුනකයි. කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වෙනවා.

    Latest News