කිවියන් සමඟ පළමු ටෙස්ට් තරඟය හෙටයි

සැප් 17, 2024
    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

    ප්‍රේක්ෂකයින්ට තරගය නොමිලයේ නැරඹිය හැකියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, හෙට තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අද නිවේදනය කළා.
    ඒ අනුව, ආරම්භක පිතිකරුවන් වන්නේ, දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකයි.
    දිනේෂ් චන්දිමාල් පිතිකරණ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.
    ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ද මුල්පෙළ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන අතර, කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා ලෙස, කැඳවා තිබෙනවා.
    රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය, දඟ පන්දු යවන්නන් ලෙසත්, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙසත්, හෙට තරගයට ක්‍රීඩා කරනු ඇති.
    කණ්ඩායම් දෙක අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට විවේක දිනයක් ද ඇතුළත් වන අතර, ලබන 21 වැනිදා ජනාධිපතිවරණය හේතුවෙන් තරගය පැවැත්වෙන්නේ නැහැ. ඒ අනුව, 23 වැනිදා තරගය අවසන් වීමට නියමිතයි.

    Latest News