2019 ක්‍රිකට් ලෝක කුසලානය - ජය එංගලන්තයට

මැයි 31, 2019

    ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයේ ජය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනාගනී.

    ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත්කරමින්.

    කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

    ඒ අනුව, එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් රැස්කළා.

    එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන්ස්ටොක් ලකුණු 89 යි.

    ඉයන් මෝගන් ලකුණු 57 ක්ද, ජේසන් රෝයි ලකුණු 54 ක් ද රැස් කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු5 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 207 ක් පමණයි.

    ක්වින්ටන් ඩී කොක් ලකුණු 68 යි.

    තරගයේ වීරයා එංගලන්ත කණ්ඩායමේ බෙන්ස්ටොක්.

    ලෝක කුසලාන තරගාවලියේ අද තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වේ.

     

    2019 england 1 px 900 31 05

     

    2019 england 1 px 900 31 05

     

    2019 england 1 px 900 31 05

     

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 18:07

    Latest News