ඔෂේන් තෝමස් කොදෙව්වන්ට කැපු මාවතේ ගිය ගේල්ගෙන් විශිෂ්ට ජයක්

මැයි 31, 2019

    මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙසින් පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පකිස්තානය අතර තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වූහ.

    කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්තාන කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව පකිස්තාන ඉනිම ආරම්භ කළේ ඉමාම්මුල් හක් සහ ෆකාර් සමාන් විසිනි. ප්‍රථම කඩුල්ල ලෙස ඉමාම්මුල් හක් ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු පකිස්තාන පිතිකරුවෙකුට සාර්ථකව කඩුල්ලේ රැදී සිටිමින් ලකුණු රැස්කර ගැනීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගෙන් නොලැබිණ.වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් ෆකාර් සමාන් සහ බාබර් හසාම් ලකුණු 22 බැගින් ලබාගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් පකිස්තාන කණ්ඩායමේ සියලුම පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. ඒ අනුව පකිස්තාන කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පන්දුවාර 21යි පන්දු 04කදී දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 105ක්ව තිබියදීය.

    ඔෂේන් තෝමස් ලකුණු 27කට කඩුලු 04ක් දවාගත් අතර, බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 42ට පකිස්තාන කඩුලු 03ක් දවාගැනිමට සමත්විය. පිළිතුරු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 04කදී ලකුණු 108ක් ලබාගනිමින් කඩුලු 07ක ජයක් වාර්තා කළේය. ක්‍රිස් ගේල් ආරම්භක පිතිකරු ලෙස පැමිණ ලකුණු 50ක් රැස්කර ගැනිමට සමත්විය. නිකලස් පුරාන් නොදැවී ලකුණු 34ක් ද, සිම්රොන් හිට්මයාර් නොදැවී ලකුණු 07ක් රැස් කළේය.

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 19:52

    Latest News