ශ්‍රී ලංකාවේ අසාර්ථක මැද පෙළට බංග්ලාදේශයෙන් අලුත් පාඩමක්

ජූනි 11, 2019

    2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තීරණාත්මක තරගයක් අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

    ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර තරගයයි. 2019 ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරග 03 න් එක් තරගයක් ජයගෙන තවත් තරගයක් වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ. ශ්‍රී ලංකාවේ අද ප්‍රතිවාදී කණ්ඩායම වු බංගලාදේශට ලෝක කුසලාන තරගාවලියක දි ශ්‍රී ලංකාව මෙතෙක් පරාජය කිරීමට නොහැකිවි තිබේ. 

    මෙවර ලෝක කුසලාන තරගා වලියට පිරිසි බංගලාදේශ කණ්ඩායම විසින් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළත්, ඉන් පසුව නවසීලන්තය සහ එංගලන්තය හමුවේ පරාජයට පත් වුයේය.

    බංග්ලාදේශය මේ වන විට ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් ඉල්ල කරණ කණ්ඩායමක් බවට පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන තරගාවලියේ අවසාන තරගයෙන් ශ්‍රි ලංකාව ඉවත් කිරිමට බංග්ලාදේශය සමත්විය. එහෙත් පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව බංගලාදේශයේදී එක්දින තරගාවලිය ජයග්‍රාහනය කලේය. මේ වන විට බංග්ලාදේශයේ පිතිකරුන අංශය ඉතාමත් ප්‍රබල තත්වයක් පසු වන්නේ එක්දින ජාත්‍යන්තර තරග 100කට වැඩි ගණන මුහුණ දි සුවිශේෂ අත්දැකීම සහිත පිතිකරුවන් කිහිප දෙනෙකුගේ ශක්තිය ලැබෙන බැවිනි.

    ශ්‍රි ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් ආබාදයන්ට ලක්විමෙන් ක්‍රීඩා කිරිමට නොහැකිව සිටි. එ අතර පුහුණුවීම් වලදී අබාධයකට මුහුණ පෑ වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද වන අතර ඔහුට සතියක පමණ කාලයක් තරග අහිමිව තිබේ. ඔහු වෙනුවට පාදඟ පන්දුයවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් කැඳවීමට බොහෝ ඉඩකඩ පවතියි.

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර බීබීසී සිංහල සේවය සමග පැවැති සංවාදයක දි ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි තරග ජයගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පැමිණිය යුතු බවයි. ශ්‍රි ලංකාව මුහුණ දුන් තරග දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර පනහ ක්‍රිඩා කිරිමට අපොහොසත් විමත් ඔහු විසින් පෙන්වා දි තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ අසාර්ථක වීම අභියෝගයක් බැවින් ලෝක කුසලානයකදී කණ්ඩායමක් ලබා ගත යුතු අවම ලකුණු සංඛ්‍යවට නොපිවිසීම ඔහු විසින් පෙන්වා දී ඇත.

    ආරම්භක පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරා හා නායක දිමුත් කරුණාරත්න පමණක් මේ දක්වා පැවති තරගවලදි සාර්ථතව ලකුණු අතරට පිවිස සිටි. අනෙක් පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්,ලහිරු තිරිමාන්න, ධනංජය සිල්වා පැවති තරග දෙකේදී ම අසාර්ථක වී තිබේ.

    කුසල් මෙන්ඩිස් - 0, 2 ඇන්ජලෝ මැතිව්ස් - 0,0 ධනංජය ද සිල්වා - 4,0

    මොවුන් තිදෙනා මානසිකතත්වය දැඩි කරගෙන, තණ තීරුව හඳුනාගෙන තරගයේ තියෙන වාතාවරණය හඳුනාගෙන ක්‍රීඩා කිරිම සුදුසු බව කුමාර් සංගක්කාර පවසයි. “මම දැක්ක එක දෙයක් තමයි - ඔවුන්ගේ 'Body Language' කියල අපි කියනවා, ඒක යම් අන්දමක මන්දගාමී බවක් පේනවා පිටියට එද්දී. ඒක වෙනස් කර ගන්න ඕනේ“ යැයි ද ඔහු කියා සිටි.

    ලෝක කුසලාන තරගාවලියේදි බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවැති තරග තුනෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයග්‍රාහනය කලේ ලකුණු 350 වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමිනි. පසුගිය ද අවසන් වු පකිස්ථාන එංගලන්ත තරගයේදි එංගලන්තය 359 දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදිමෙන් පසුවයි. මේ අනුව අද තරගයේදි කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ. 

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 17:03

    Latest News