මාලිංග අද තරගයෙන් පසු දිවයිනට

ජූනි 11, 2019

    ශ්‍රී ලංකා - බංගලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙන් පසු ලසිත් මාලිංග දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

    ඔහුගේ නැන්දනියගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමෙන් පසු 15වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට නැවත එංගලන්තය බලා පිටත්වනු ඇති.

    ලසිත් මාලිංගගේ නැන්දනිය වන කාන්ති පෙරේරාගේ දේහය බානිරේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු 13වැනිදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 12:38

    Latest News