කොදෙව්වන් පරදා බංගලාදේශය සුපිරි ජයක්

ජූනි 18, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංගලාදේශය අතර තරගයෙන් කඩුළු 7ක ජයක් ලබාගැනීමට බංගලාදේශය ඊයේ සමත්විය.

    තරගය පැවැත්වුණේ එංගලන්තයේ ටෝන්ටන්හිදී. කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වනට ලබාදුනි. ඒ අනූව කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 321ක් රැස්කළේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ශායි හෝප් කඩුලු 96යි. එවින් ලෙවිස් ලකුණු 70යි. පන්දු යැවීමේ දී මොහොමඩ් ෂයිඨුඩින් සහ මුෂ්ටෆිසර් රහමන් කඩුලු 3 බැගින් දවාගත්තේය.

    ලකුණු 322ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශය පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ ජය ලබාගත්තේය. දක්ෂ පිති හරඹයක නිරත වූ ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 124යි. ලින්ටන් ඩාස් ලකුණු 94යි. තමීම් ඉක්බාල් ලකුණු 48යි. පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් හා ඔශේන් තෝමස් කඩුල්ල බැගින් දවාගත්තේය. බංගලාදේශය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කොදෙව්වන්ට එරෙහිව වාර්තාකළ පළමු ජය ලෙස ද මෙය වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්.

     

     

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 10:46

    Latest News