ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟය අද (21)

ජූනි 21, 2019

    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන 6 වැනි තරගය ලීඞ්ස් හිදි අද (21) පැවැත්වේ.

    ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

    තරගය මෙරට වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ වනු ඇති.

    එම තරඟය අයි නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

    අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවනු ඇති බව එරට කාලගුණික අංශ අනාවැකි පළ කර ඇති බව පැවසේ.

    එංගලන්ත කණ්ඩායම විසින් ලෝක කුසලාන තරගාවලියකදී අවසන් වරට ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වසරේදීයි.

    ඒ අනුව වසර 20කට පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන ජයක් වාර්තා කිරීමේ අරමුණින් එංගලන්ත කණ්ඩායම අද පිටියට පිවිසේ.

    2007, 2011 සහ 2015 යන වසරවල පැවති ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය සමග පැවති සෑම තරගයක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්කම් දක්වා තිබීම විශේෂත්වයක්.

    මේ අතර අද තරගය පැවැත්වෙන ලීඞ්ස්හි හි හීඩින්ග්ලි කී‍්‍රඩාංගණයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 5කට කී‍්‍රඩා කර ඇත.

    ඔවුන් ඉන් තරග 2ක් ජය ගත් අතර තරග 3ක් පරාජයට පත්විය.

    එම කී‍්‍රඩාංගණයේ එක්දින තරග 32කට කී‍්‍රඩා කළ සත්කාරක එංගලන්ත පිල ඉන් තරග 21ක ජය වාර්තා කිරීමට සමත්ව ඇත.

    Latest News