ඒ, අවසන් තරගයේදී වෙස්ලි විද්‍යාලය පරාජය කරමින්. තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත්වුණේ, වෙස්ලි විද්‍යාලයයි. ඒ ලකුණු 15-8ක් ලෙස. එහෙත්, දෙවැනි අර්ධයේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශාන්ත පීතර විද්‍යාලය තවත් ලකුණු 10ක් රැස් කිරීමට සමත්වුණා.
එම අර්ධයේ දී වෙස්ලි ක්‍රීඩකයින්ට ලකුණක් රැස් කිරීමට හැකිවුණේ නැහැ. ඒ අනුව ලකුණු 18-15ක් ලෙස අවසන් තරගය ජයගත් ශාන්ත පීතර විද්‍යාලය අඛණ්ඩව දෙවැනි වරටත් එම ශුරතාව දිනාගත්තා. ශාන්ත පීතර විද්‍යාලය මෙම ශුරතාව දිනාගත් 07 වැනි අවස්ථාව මෙයයි.