මාලිංගට නවසීලන්තය සමග T20 තරගාවලියේ නායකත්වය

අගෝ 24, 2019

    නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද(24) නම් කර ඇත.

    එම කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ.

    එම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු අතුළත් වන අතර එම සංචිතයේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ල පත් කර තිබේ.

    ක්‍රීඩකයින් 15 ගේ සංචිතය -

    01. ලසිත් මාලිංග - නායක
    02. නිරෝෂන් දික්වැල්ල - උප නායක
    03.අවිශ්ක ප්‍රනාන්දු
    04.කුසල් ජනිත් පෙරේරා
    05.ධනුෂ්ක ගුණතිලක
    06.කුසල් මෙන්ඩිස්
    07.ෂෙහාන් ජයසූරිය
    08.දසුන් ශානක
    09.වනිඳු හසරංග
    10.අකිල ධනංජය
    11.ලක්ෂාන් සඳකැන්
    12.ඉසුරු උදාන
    13.කසුන් රජිත
    14.ලහිරු කුමාර
    15.ලහිරු මදුසංඛ

     

    එම තරගාවලියේ තරග කාල සටහන -

    පළමු තරගය - සැප්තැම්බර් 1 (රාත්‍රී) - පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
    දෙවන තරගය - සැප්තැම්බර් 3 (රාත්‍රී) - පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
    තෙවන තරගය - සැප්තැම්බර් 6 (රාත්‍රී) - පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 16:50

    Latest News