2023 LPL තරගාවලියේ 12 වන තරගය බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් අතර අද දහවල් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

පසුගිය අගෝස්තු 05 වැනි දා දබුල්ල අවුරා සහ කලම්බෝ කණ්ඩායම් අතර පැවැත්වුණු 8 වැනි තරගය අතරතුර LPL ආචාරධර්ම කඩ කිරීමේ වරද වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ හසන් අලී යන ක්‍රීඩකයින්ට දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

වසර ගණනාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කළ තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

12 වන වතාවටත් දැල්පන්දු ලෝක කුසලානය දිනාගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

අරුණ දර්ශන හා ගයන්තිකා අබේරත්න ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ කේවල ඉසව් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා 4x400 කණ්ඩායම හංගේරියිවේ දී ලබන 19 වැනිදා ආරම්භවන ලෝක ශූරතා මලල තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

දැල්පන්දු ලෝක කුසලානයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වුණා.

දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලකුණු 49 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වෙනවා.

මීටර 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ජනිදු ලක් විජය අද සමත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි අදියර හෙට ආරම්භ වීමට නියමිතයි.

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජැමෙයිකාව හමුවේ පරාජයට පත්වුණා. ඒ ලකුණු 105 ට 25 ක් ලෙසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය සමගත්, ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු රග්බි ක්ෂේත්‍රයේ පිරිස් සමගත් ජාත්‍යන්තර රග්බි සම්මේලනය සිදුකළ සාකච්ඡාවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ අවසරය හිමිව තිබෙනවා.

අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය හෙට (28) ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අද (24) කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩයම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කර තිබෙනවා.

Latest News