හදිසි තත්වය ප්‍රකාශයට පත්කළේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්. විශේෂයෙන්ම සීනඩ් ප්‍රාන්තයේ ගොවිබිම් රැසක් මේ උවදුර නිසා මුළුමනින්ම විනාශයට පත්විය. පන්ජාබ් ප්‍රාන්තයේ ද වගා රැසකට බලපෑම් එල්ල වී තිබේ. දැනටමත් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සාකච්ජාවට කිහිපයක් අමාත්‍ය මණ්ඩලය සමග පවත්වා තිබේ.
ඒ අනූව පළගැටි උවදුර මර්දනය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පකිස්තානය බලාපොරොත්තු වෙයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 30ක්. ලෝකස්ට් හෙවත් කාන්තාර පළගැටි උවදුර වැඩි වශයෙන් පවතින්නේ අප්‍රිකානු කලාපයේ.