බොලිවියාවේ අයහපත් කාලගුණය 8කට මරු කැඳවයි

පෙබ 12, 2020
    බොලීවියාවට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල  පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව එරට සිවිල් ආරක්‍ෂක බලධාරීන් පවසයි.
    අධික වර්ෂාව හේතුවෙන් ලාපාස්, සැන්ටා ක්‍රස්, පොටෝසි වැනි ප්‍රදේශ කිහිපයකට ගංවතුර බලපා තිබේ. පවුල් 250කට අධික පිරිසක් මෙම තත්ත්වය මත පීඩාවට ලක්ව ඇත.
    නායයාම් හේතුවෙන් නිවාස 50ක් මුළුමණින්ම විනාශ වී ඇති අතර එම ප්‍රදේශවල මඩ සහිත ස්වභාවයක් දක්නට ලැබේ. බොලීවියාවේ වාර්ෂික වැසි සමය නොවැම්බර් මාසයේ ආරම්භ වන අතර මාර්තු දක්වා එය පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
     
    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 08:33

    Latest News