රටවල් 33කට අධික සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව තිබේ. ඉරාකය,ස්වීඩනය,ලෙබනනය හා ඊශ්‍රායලය ද වෛරස් ආසාදිතයන් හමුවන අලුත් රටවල්. කෙසේ වෙතත්, චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ මෙම නව වෛරසය මේ වන විට දකුණු කොරියාව,ඉරානය හා ඉතාලියට සිදුකර ඇති බලපෑම වඩාත් අවධානයට ලක්ව තිබේ. දකුණු කොරියාවෙන් වෛරස් ආසාදිතයින් 602ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 6ක්. මේ වන විට චීනයෙන් පසුව වැඩිම මරණ වාර්තා වන්නේ ඉරානයෙන්. එරම සංඛ්‍යාව 8ක් වන අතර ආසාදිත පිරිස 43ක්. තුර්කිය හා පාකිස්තානය ඉරාන දේශසීමා වසා දැමීමට ද කටයුතු කර ඇත්තේ, වෛරස් ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහායි.