කොරෝනා ලොව පුරා පැතිරයාමේ අවදානමක්

මාර් 03, 2020

    මේ වන විට කොරෝනා ආසාදන තත්වය ලොව පුරා පැතිරීමේ අවදානමක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි ප්‍රධාන ආචාර්ය ටෙඩ්‍රස් අඩනොම් කියා සිටින්නේ, කොරෝනා වෛරසය ඉතා සුවිශේෂී එකක් නමුත් නිසි ප්‍රතිකර්ම මගින් පාලනය කළ හැකි බවයි.

    ලොව සියලුම රටවල් ඉක්මනින් සහ නිවැරදිව ක්‍රියා කරන්නේ නම්, මෙම වෛරසය පාලනය කළ හැකි බවයි, ආචාර්ය ටෙඩ්‍රස් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙම වෛරසය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු කියා සිටියි. කොරෝනා වෛරසයට වඩා වෛරසය වැළඳුනු රෝගියෙකුට සිදුවන අපකීර්තිය රෝගයට වඩා බරපතල බවයි, ඔහු අවධාරණය කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 09:11

    Latest News