'කොවිඩ් 19' චීනයෙන් පිටත වැඩිම මරණ ඉතාලියෙන්

මාර් 03, 2020

    කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,000 ඉක්මවා තිබේ. චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

    ඉතාලියේ පසුගිය ඉරිදා වන විට 34ක්ව තිබූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වන විට 52ක් දක්වා ඉහළ ගොස් තිබිණ. එසේම, ඊයේ දිනයේදී චීනයෙන් පිටත වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මෙන් නව ගුණයක්. මේ වන විට රටවල් 62කින් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 90,000කට ආසන්නයි. ඉන් 90%ක්ම වාර්තා වන්නේ චීනයෙන්. චීනයෙන් පිටත වාර්තා වන සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 8,800ක්. ඉන් සියයට 81ක්ම වාර්තා වන්නේ ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය සහ ජපානය යන රටවලින්.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 09:11

    Latest News