අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක්

අප්‍රේ 22, 2020

    අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින් සිදුකර තිබේ.

    රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානවල ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා සිදුකර ඇති මෙම අනතුරු ඇඟවීම අනුව මෙම දෙවැනි පැතිරීම පළමු වරට වෛරසය පැතිරීමට වඩා හානිදායක ප්‍රතිඵල අත්කර දෙනු ඇත.

    ඊළඟ ශීත සෘතුවේදී අමෙරිකානු ජාතියට පහරදීමට ඊට හැකියාව පවතින බවත් එය මුල් වතාවට වඩා දුෂ්කර වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

    ශ්වසනය මගින් පැතිරෙන රෝගයක් එකවර අවස්ථා දෙකකදී ව්‍යාප්ත වීම අමෙරිකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට අධික පීඩනයක් ඇති කරනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

    මේ අතර ග්‍රීන් කාඩ් බලපත්‍ර දින 60 කට අත්හිටුවීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.

    Latest News