නවසීලන්තය සාර්ථකව වෛරසය පාලනය කරයි

අප්‍රේ 28, 2020

    නවසීලන්ත අගමැතිනි ජකින්ද ආර්ඩර්ස් එරට කොරෝනා වෛරසය සැලකියයුතු මට්ටමකින් තුරන් කර ඇති බව ප්‍රකාශකර තිබේ.

    ඇය පෙන්වා දෙන්නේ,ප්‍රජාව අතර වෛරසය පැතිරයාම සාර්ථකව පාලනය කර ගැනීමට හැකි වූ බවයි. වාර්තාවන රෝගීන් සංඛ්‍යාව දින කිහිපයක් පුරා තනි අංකයක පවත්වා ගැනීමට හැකි වූ අතර, එම නිසා පනවා තිබූ දැඩි සමාජ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

    අද සිට අත්‍යවශ්‍ය නොවන සේවා ආදිය ද, යළි ආරම්භ කිරීමට නියමිතයි. කෙසේ වුවද කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතු ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂිතයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 12:49

    Latest News