රටවල් රැසක් දැඩි සීමා ලිහිල් කර තිබේ

අප්‍රේ 28, 2020

    කොවිඞ් -19 හෙවත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පැනවූ දැඩි සීමා මැද රටවල් රැසක නිවෙස්වලට කොටුවී සිටි දහස් සංඛ්‍යාත ජනතාව අද (28) වනවිට යළි සුපුරුදු කටයුතු ආරම්භ කර තිබෙනවා.

    ඒ, පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමත් සමගයි.

    අමෙරිකාවේ ප‍්‍රාන්ත රැසක්ද විවෘත කිරීමටයි සැලසුම් කර තිබේ.

    හොංකොං රාජ්‍යය ද තීරණය කර ඇත්තේ මැයි 4 වැනිදා සිට සිවිල් සේවකයින්ට යළි රාජකාරී සදහා පැමිණීමට අවස්ථාව ලබාදීමටයි.

    නවසීලන්තයේද පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    බංග්ලාදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලා රැසක් විවෘත කර ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසක් සේවයට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සදහන්.

    එරට සම්පූර්ණයෙන්ම වසා දමා ඇතත් ඊයේ (27) සිට කර්මාන්ත ශාලා බොහොමයක් විවෘත කිරීමටයි පියවර ගෙන තිබුණේ.

     

    Latest News